Friday, October 15, 2021


Friday, November 23, 2012

Youth programme at Neelabamma




Uploaded by on Jan 17, 2008
This programme was conducted by NAFSO for training a youth group to act on emergency situation. 50 youths were trained in this training on desaster prevention and mitigation.

Thursday, November 22, 2012

වෛද්‍ය පර්යේෂණ සදාචාර
විශ්ලේෂණ කමිටු සමුළුව 18 දා

ආසියා හා ශාන්තිකර කලාපයේ වෛද්‍ය පර්යේෂණ පිළිබඳ සදාචාර විශ්ලේශණ කම්ටුවේ (FERCAP) 12 වැනි ජාත්‍යන්තර සමුළුව නොවැම්බර් 18 වැනිදා සිට 21 වන දින දක්‌වා බත්තරමුල්ල වෝටර්ස්‌ එඡ්හි දී පැවැත්වේ.

වෛද්‍ය විද්‍යාවේ, පර්යේෂණයන්ට අදාළ සාදාචාර විශ්ලේශණ කමිටු සම්මේලනයක්‌ සංවර්ධනය වන රටක්‌ ලෙස මෙරට තුළ පැවැත්වීම මෙවැනි යුගයක දී අතිශයින් වැදගත් සිද්ධියකි. වෛද්‍ය පර්යේෂණ ක්‌ෂේත්‍රයට සම්බන්ධ කරගන්නා රෝගීන් ගේ අයිතීන් හා ආරක්‌ෂාව තහවුරු කිරීම අතිශයින් ම අවශ්‍ය ක්‍රියාදාමයකි. එය පර්යේෂණයක සාර්ථකත්වයට ද යම් ආකාරයකින් බලපෑම් ඇති කරයි. රෝගීන්ට මේ පර්යේෂණවල දී සෞඛ්‍ය වශයෙන් ගැටලු ඇති වනවා ද එසේ නැතිනම් ඔවුන් ගේ පුද්ගලිකත්වයට ගැටලු ඇති වනවා ද මෙන්ම මේ අධ්‍යයනයට සාධාරණව නිවැරැදිව සිදු වනවා ද වැනි කරුණු මේ යටතේ විමසා බැලෙයි. මේ සමුළුවට නියෝජිතයන් 400ක්‌ පමණ සහභාගි වන අතර වෛද්‍ය පර්යේෂණවලට දායක වන රෝගීන් ගේ ආරක්‌ෂාව තහවුරු කළ හැක්‌කේ හා කළ යුත්තේ කෙසේ ද යන්න සාකච්ඡාවට බඳුන් වනු ඇත. මේ නියෝජිතයෝ ආසියා ශාන්තිකර කලාපයේ ප්‍රමුඛතම වෛද්‍ය විද්‍යාල හා රෝහල් 104ක්‌ නියෝජනය කරති. මේ ජාත්‍යන්තර සමුළුව සංවිධානය කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලය, ජාතික විද්‍යා පදනම හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයයි. 

Source: http://www.vidusara.com/

Wednesday, October 17, 2012

The Protest Against of  Destruction in Negombo Lagoon, Sri Lanka.


The Protest on 09/10/2012 in Negombo Sri Lanka for Stop  Pollution, lagoon embankment destruction of Negombo Lagoon. it is voice of women around the Negombo lagoon.

Monday, September 3, 2012

(උපටා ගැනීම - විදුසර විද්‍යා සගරාව2012 අගෝස්තු 29 දාදා)  
මාකන්දාව රක්‌ෂිතය වනසමින් කිතුල්ගල සිට
වන රක්‌ෂිතය හරහා පල්ලෙබාගෙට මාර්ගයක්‌ ඉදි කෙරේ

කිතුල්ගල, කැලණිවැලි රක්‌ෂිතයට අයත් මාකන්දාව රක්‌ෂිතය හරහා කිතුල්ගල සිට පල්ලෙබාගෙ දක්‌වා මාර්ගයක්‌ ඉදි කිරීමට අවශ්‍ය සැලැසුම් මේ වන විට සකස්‌ කර අවසන් කර තිබේ. දැව ජාවාරම්කරුවන් ගේ අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා තව දින කිහිපයකින් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත ව ඇත. කිලෝමීටර දෙකකින් යුත් මේ මාර්ගය රක්‌ෂිත වනාන්තරයේ දිය පහරවල් හරහා පාලම් හා බෝක්‌කු 4කින් සමන්විත ව ඉදි කිරීමට රුපියල් ලක්‌ෂ 169ක මුදලක්‌ මේ සඳහා ඇස්‌තමේන්තු කර තිබේ.
මේ මාර්ගය පිළිබඳ ව මූලික සංකල්පය ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ පල්ලෙබාගේ කණිෂ්ඨ විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයකු ද වන පල්ලෙබාගේ, දේශපාලන පක්‌ෂ ශාඛා සමිතියක ලේකම්වරයකු විසිනි. එය ක්‍රියාත්මක කිරීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයකු මහතා හා ඔහු ගේ පුත්‍රයා සියලු සැලැසුම් සකස්‌ කරමින් සිටිති. ඒ සඳහා සහයෝගය ලබා දීමට රජයේ අමාත්‍යවරයෙක්‌ පසුගිය අප්‍රේල් මස 24 වැනි දින පල්ලෙබාගේ උතුර, වත්තේහන්දියේ දී පැවැති රැස්‌වීමේ දී ප්‍රදේශවාසීන් අමතා කියා සිටියේ මේ මාර්ගය රක්‌ෂිතය හරහා ඉදි කිරීමට පොරොන්දු වන බව ය. වන සංරක්‌ෂණ ආඥා පනත තුට්‌ටුවකට මායිම් නො කරමින් අදාළ අමාත්‍යවරයා ම උත්තරීතර පාර්ලිමේන්තුවෙන් සම්මත වූ නීති උල්ලංඝනය කිරීමට ජනතාවට පොරොන්දු වීම පිළිබඳව නීතියට ගරු කරන අය වශයෙන් අප කණගාටු විය යුතු ය.

මීට ප්‍රථම මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් දැරණියගල ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක්‌ පල්ලෙබාගෙ ග්‍රාමයේ හා ඒ ආශ්‍රිත රක්‌ෂිත වනාන්තරවල දැවමය ශාක මහ පරිමාණයෙන් කපා ඉවත් කරමින් පල්ලෙබාගෙ හා ඒ ආශ්‍රිත ප්‍රදේශ පානීය ජල හිඟයේ ගොදුරක්‌ බවට පත් කළේ ය. අද වන විට කෙටි නියං කාලයක දී පවා එම ප්‍රදේශයේ දිය පහරවල් සියල්ල සිඳී යයි. ඒ තත්ත්වය තවත් දෙගුණ තෙගුණ කිරීමටත් දැව ජාවාරම තවදුරටත් වර්ධනය කිරීමටත් මේ මාර්ගය හේතු විය හැකි ය. වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නීති විරෝධී ලෙස මාර්ගය තැනීමට අවශ්‍ය වනාන්තර ඉඩම් නිදහස්‌ කිරීමට හා ශාක කපා ඉවත් කිරීමට, වන සංරක්‌ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින් අනුමැතිය ලබා දීමට සිදු ව ඇත්තේ පරිසර අමාත්‍යතුමන් ගේ බලපෑම මත ය.

මේ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මීට ප්‍රථම 2010 වසර අවසාන කාලයේ ආරම්භ කළ අවස්‌ථාවේ දී වන සංරක්‌ෂණ නිලධාරීන් රක්‌ෂිත වනාන්තරයට හානි කරමින් මාර්ගය ඉදි කිරීමට එරෙහි ව රුවන්වැල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ MC 348 අංක දරන නඩුව ගොනු කර තිබේ. එය මේ වන විට ද, විභාග වෙමින් පවතී. එය අභියෝගයට ලක්‌ කරමින් රාජ්‍ය අනුග්‍රහය යටතේ ම මේ මාර්ගය ඉදි කිරීම සඳහා සැලැසුම් සකස්‌ කිරීම ලංකාවේ නීති පද්ධතිය අභියෝගයට ලක්‌ කිරීමක්‌ පමණක්‌ නො ව

වැරැදි පූර්වාදර්ශ සමාජයට ලබා දීමකි. ලංකාවේ පැරැණිතම වන රක්‌ෂිත අතරින් එකක්‌ වන මාකන්දාව රක්‌ෂිතය 1903 සැප්තැම්බර් 11 වැනි දින අංක 5911 දරන ගැසට්‌ නිවේදනය මගින් හෙක්‌ටයාර 192ක්‌ පමණ වන වනාන්තරයක්‌ ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. කැලණිවැලි රක්‌ෂිතය හා සම්බන්ධ වනාන්තර පද්ධතියක්‌ ලෙස ව්‍යාප්ත ව ඇති මාකන්දාව රක්‌ෂිතය ජෛව විද්‍යාත්මකව ඉතා ම වටිනා ඉතා ම දුර්ලභ ජීවී විශේෂ බොහොමයකට රැකවරණය සලසන කැලණි ගඟේ ජල පෝෂක වනාන්තරයකි. පහතරට තෙත් නිවර්තන ද්විතීයික වනාන්තර වැස්‌මක්‌ සහිත මේ ප්‍රදේශය හොර ශාක ප්‍රමුඛ ශාක ප්‍රජාවන් ගෙන් සමන්විත ය.

මේ වන රක්‌ෂිතයේ ජෛව විද්‍යාත්මක වටිනාකම මෙතෙකැයි ලඝූ කොට දැක්‌විය නො හැකි තරම් විශාල වටිනාකමකින් යුක්‌ත ය. මු`ඵ ලොවෙන් ම මේ ප්‍රදේශයේ පමණක්‌ වාර්තා වන හොර ශාක කුලයට ((Dipterocarpaceae) අයත් Balanocarpus kitulgallensis ශාක කිහිපයක්‌ පමණක්‌ ඉතිරි ව ඇත්තේ මේ වන රක්‌ෂිතයේ පමණි. මෙය මේ වනාන්තරයේ ඇති වැදගත්කම කියාපාන ප්‍රධාන එක්‌ සාධකයක්‌ පමණි. ලංකාවට ආවේණික දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට මුහුණ පා ඇති Tropoidia
bambusifolia
 උඩවැඩියා විශේෂයට රැකවරණය සලසන දැනට හ`දුනාගත් එක ම වාසස්‌ථානය මේ වනාන්තරයයි. මීට අමතර ව ඉතා ම දුර්ලභ ලංකාවට ආවේණික උඩවැඩියා විශේෂ වන Bromheadia srilankensis හා Dendrobium microbulbonශාක මේ වනාන්තරයෙන් වාර්තා වේ. ලංකාවේ ඉතා ම දුර්ලභ හා එක ම ජලජ උඩවැඩියා විශේෂය වන Malaxis thwaitesii ශාකය මේ වනාන්තරයේ දිය පහරවල ඉතා ම සු`ඵ වශයෙන් වාර්තා වේ.

පිළිල ශාකයක්‌ වන Tolypanthus gardinari ශාකය මේ වනාන්තරයේ වාර්තා වන තවත් ඉතා ම දුර්ලභ ශාකයකි. ලංකාවෙන් වඳ වී ගොස්‌ ඇතැයි විශ්වාස කළ පසුව නැවත කිතුල්ගල ඇතු`ඵ ව වනාන්තර කිහිපයකින් පමණක්‌ සොයාගත් ලංකාවට ආවේණික කූඩ`ඵ විශේෂයක්‌ වන ගල්දෙමට (Impapiums repens) මේ වනාන්තරයේ ඊට ම විශේෂිත වාසස්‌ථානවල පමණක්‌ වාර්තා වේ. හොඳින් දිය සීරාව සහිත හා හොඳින් හිරුඑළිය ලැබෙන ස්‌ථානවල ගල්පර ආශ්‍රිතව පමණක්‌ මේ ශාකය දැක ගත හැකි ය. එම පාරිසරික තත්ත්වයන් වෙනස්‌ වන අවස්‌ථාවල දී මේ ශාකය ඒ ප්‍රදේශවලින් විනාශ වී යයි.

බෝවිටියා කුලයට අයත් අපිශාකයක්‌ ලෙස වර්ධනය වන ඉතා ම දුර්ලභ ශාකයක්‌ වන Medinella cunata ශාකය මේ වනාන්තරයේ වාර්තා වන ආවේණික, දුර්ලභ සපුෂ්ප ශාක අතරින් ඉතා ම වැදගත් ශාකයකි. මීට අමතරව වැලක්‌ ලෙස වැඩෙනHoya pinipolia ශාකය ද ඉතා දුර්ලභ, ලංකාවට ආවේණික සපුෂ්ප ශාකයකි.

මේ වනාන්තරයේ කැලණි ගඟේ ජල පෝෂක දිය දහරාවන් ආශ්‍රිත ගල්පර මත වැඩෙන Podostemaceae කුලයට අයත් ලංකාවට ආවේණික ඉතා ම දුර්ලභ හා වඳ වීමේ තර්ජනයට මුහුණ පා ඇති ජලජ ශාක වන Polypleurum eleomgatum, Farmaria
metrogoides
 හා Dalzillea zeylanica ශාක දැකගත හැකි ය. මීට අමතර ව දියපහරවල අතිඋඩයන් හා කෙටල ශාක විශේෂ වන ලංකාවට ආවේණික ඉතා ම දුර්ලභ Cryptocoryne thwaitesii හා Leginandra thwaitesii විශේෂ වාර්තා වෙයි.

මේ මාර්ග ඉදිකිරීම සඳහා ශාක ඉවත් කිරීම, පස්‌ කපා ඉවත් කිරීම හා දියපහරවල් හරහා පාලම් හා බෝක්‌කු ඉදිකිරීම හේතුවෙන් මේ දුර්ලභ ශාක දැඩි බලපෑමට ලක්‌ විය හැකි අතර එම දුර්ලභ ශාක විශේෂවල වාසස්‌ථාන වෙනස්‌ වීමෙන් ඉතා කෙටි කාල සීමාවක්‌ තුළ විනාශ වී යා හැකි ය. මේ වනාන්තරයේ ශාක විවිධත්වය මෙන්ම අද්විතීය වූ සත්ත්ව විවිධත්වයක්‌ ද දැකගත හැකි ය. මත්ස්‍ය, උභයජිවීන්, උරගයන්, පක්‌ෂීන්, ක්‌ෂීරපායින් හා සමනළයින් යන සත්ත්ව කාණ්‌ඩ හයට අයත් විශේෂ 411ක්‌ පමණ මේ වනාන්තරයේ වාර්තා වේ. ඉන් විශේෂ 119ක්‌ ලංකාවට ආවේණික වේ. එහි ආවේණිකතා ප්‍රතිශතය 29%ක්‌ තරම් ඉහළ අගයක්‌ ගනී.

ඉහත කාණ්‌ඩ හයට අයත් ලංකාවේ වාර්තා වන සත්ත්ව විශේෂ අතුරින් 40%ක්‌ හා ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ අතරින් 38%ක්‌ මේ වනාන්තරයෙන් වාර්තා වීමෙන් මෙහි ජෛව විද්‍යාත්මක වටිනාකම මනාව පැහැදිලි වේ.

ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ අතර වඳ වීමේ තර්ජනයට දැඩි ලෙස මුහුණපා ඇති ලංකාවට ආවේණික ඉතා ම දුර්ලභ මත්ස්‍ය විශේෂයක්‌ වන අසෝක පෙතියා (Systomus asoka)) කැලණි ගෙ`ග් අතු ගංගාවන් වන මේ රක්‌ෂිත වනාන්තරයේ හා ඒ ආශ්‍රිත දියදහරාවන් පමණක්‌ නිවහන කර ගෙන ජීවත් වේ. මේ විශේෂයට අමතරව ජොන්ක්‌ලාස්‌ ගේ පුල්ලි අහිරාවා (Lepidocephalichthys
jonklaasi
) විශේෂය ද, මේ වනාන්තරයේ කුඩා දියපහරවල වාර්තා වන ලංකාවේ ඉතා ම සීමිත ව්‍යාප්තියක්‌ ඇති දුර්ලභ මත්ස්‍ය විශේෂයකි. මීට අමතරව ලේ තිත්තයා (Puntius titteya), තල්කොස්‌සා (Belontia signata), හල්මල් දන්ඩියා (Rasboroides vaterifloris), කොළ රතු වැලිගොව්වා (Sicyopus jonklaasi), ගල්වැලිගොව්වා (Sicyopteres halei), ඉරි අහිරාවා (Acanthocobitis urophthalmus) යන විශේෂ මේ වන රක්‌ෂිතයේ දියපහරවල වාර්තා වන දුර්¨ලභ මත්ස්‍ය විශේෂ වෙයි. මාර්ග ඉදිකිරීම් සඳහා ශාක ඉවත් කිරීම, පස්‌ කපා ඉවත් කිරීම හා ඇළ මාර්ග වෙනස්‌ කිරීම හේතුවෙන් වාසස්‌ථාන අහිමි වීමෙන් හා මාර්ග සැකසීමේ දී කපා ඉවත් කරන පස්‌ සේදී ගොස්‌ දියපහරවල තැන්පත් වීමෙන් මේ මත්ස්‍ය විශේෂවල වාසස්‌ථාන වෙනස්‌ වී මේ සතුන් ගේ පැවැත්මට දැඩි තර්ජන එල්ල විය හැකි ය.

ලංකාවේ පක්‌ෂි විවිධත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ඉතා ම වැදගත් වනාන්තරයක්‌ වන මෙහි ලංකාවට ආවේණික ඉහළ ක`දුකරයේ වාර්තා වන විශේෂ හැර සියලු ම ආවේණික විශේෂ වාර්තා වේ. එම නිසා මෙය පහතරට තෙත් වනාන්තර ආශ්‍රිත ආවේණික පක්‌ෂි විශේෂ සියල්ල ම දැක ගත හැකි එක ම වනාන්තරය ලෙස හැ`දින්වේ. මෑතක දී විද්‍යා ලොවට හ`දුන්වා දුන් ප`ඩුවන් බස්‌සා (Serendib Scops Owl) පළමු ව නිරික්‌ෂණය කිරීමට ඒ පිළිබඳව පර්යේෂණ සිදු කළ දීපාල් වරකාගොඩ මහතාට හැකි වී ඇත්තේ මේ වනාන්තරයෙනි. තව ද එම විශේෂය වාර්තා වන කුඩා ම වනාන්තරය ද මෙය වේ. ඊට අමතර ව මේ විශේෂයේ බෝ වීම පිළිබඳ ව නිරීක්‌ෂණය කිරීමට හැකි වී ඇත්තේ මේ වනාන්තරයෙනි. මේ පක්‌ෂි විශේෂය නැරඹීමට පමණක්‌ බොහෝ විදේශීය පක්‌ෂි නිරීක්‌ෂකයෝ මේ වනාන්තරයට පැමිණෙති. මේ නිසා මේ වනාන්තරය ලොව පක්‌ෂි නිරීක්‌ෂකයන් අතර මහත් ප්‍රසිද්ධියට පත් වී ඇත. එවැනි වනාන්තරයක්‌ දෙකඩ කරමින් මාර්ගයක්‌ ඉදි කිරීම හේතුවෙන් සිදු වන වනාන්තර කුට්‌ටිකරණය මේ සතුන්ගේ පැවැත්මට ඉතා ම අහිතකර ලෙස බලපෑ හැකි අතර ඒ මත පදනම් වූ සංචාරක කර්මාන්තයට එය අහිතකර ලෙස බලපෑ හැකි ය. මීට අමතර ව ලංකාවේ ඉතා ම දුර්ලභ ආවේණික පක්‌ෂි විශේෂ වන හිස සුදු මයිනා (White - faced Starling), බට ඇටිකුකුළා (Green - billed Coucal)" හිස අ`ඵ දෙමලිච්චා (Ashy - headed Laughingthrush) හා ලෙග් ගේ පිලිලගෙඩි සූටික්‌කා (Legge's Flowerpecker) මෙහි වාර්තා වේ. මීට අමතරව දුර්ලභ නේවාසික පක්‌ෂියකු වන දුම්කවුළුවා (Dollarbird) මේ වනාන්තරයෙන් වාර්තා වන තවත් සුවිශේෂී පක්‌ෂියෙකි. උභයජීවීන් ගෙන් ඉතා ම පොහොසත් වනාන්තරයක්‌ වන මෙහි වාර්තා වන විශේෂ අතුරින් 75%ක්‌ ලංකාවට ආවේණික වේ. කොටගම ගේ කුරු ගෙම්බා (Duttaphrynus kotagamai), දික්‌හොඹු ගස්‌ මැඬියා (Taruga longinasus) වැනි ලංකාවට ආවේණික දුර්ලභ විශේෂ බොහොමයකට මේ වනාන්තරය නිවහන සලසයි.

ලංකාවේ ඉතා දුර්ලභ ආවේණික උරග විශේෂ වන මූකලන් තෙලිස්‌සා (Hypnalezara), කෙටිවල් මැඩිල්ලා (Aspidura drummondhayi), ර`ඵ අග කටුස්‌සා (Ceratophora aspera) ඇතු`ඵ ඉතා ම දුර්ලභ උරග විශේෂ රාශියකට රැකවරණය සලසන වනාන්තරයක්‌ ලෙස ද මේ වන රක්‌ෂිතය හැඳින්විය හැකි ය.

මේ වනාන්තරය ඈත අතීතයේ රක්‌ෂිතයක්‌ ලෙස ප්‍රකාශයට පත් කළ ද මෙහි ජෛව විද්‍යාත්මක වටිනාකම හොඳින් තහවුරු වන්නේ අද වන විට එහි සිදු කර ඇති ජෛවවිවිධත්වය පිළිබඳ අධ්‍යයනවල දත්ත සම්පිණ්‌ඩනය කළ විට ය. මේ වනාන්තරයේ ජෛව විද්‍යාත්මක වටිනාකම අවබෝධ වීමත් සමඟ ම සිදු විය යුතු වන්නේ එහි ආරක්‌ෂාව හා රැකවරණය තහවුරු කිරීම සඳහා සැලැසුම් සකස්‌ කිරීම මිස එය වැනසීම සඳහා සැලැසුම් සකස්‌ කිරීම නො වේ. එහෙත් අද වන විට සිදු ව ඇත්තේ මේ වනාන්තර පද්ධතිය ආරක්‌ෂා කිරීම සඳහා නො ව එය වැනසීම සඳහා වන රක්‌ෂිතය දෙකඩ කරමින් මාර්ග ඉදි කිරීම ය.

අප බලධාරීන් ගෙන් ඉල්ලා සිටින්නේ මෙවන් හානිකර තීරණ ගැනීමට ප්‍රථමයෙන් පවතින නීතිරීති පිළිබඳව හා එම පරිසර පද්ධතිවල ඇති ජෛව විද්‍යාත්මක වටිනාකම් පිළිබඳ ව විශ්ලේෂණාත්මක ව විමසා බලන ලෙස ය.

2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්‌ෂණ ආඥා පනතේ 7 වැනි වගන්තියට අනුව වන රක්‌ෂිතයකට අනවසරින් ඇතු`ඵ වීම, රැඳී සිටීම, ගස්‌ කැපීම, දැව ඉවත් කිරීම, පස්‌ කැපීම, වනාන්තර එළි කිරිම, පාරක්‌ තැනීම, දැනට තිබෙන පාරක්‌ වෙනස්‌ කිරීම තහනම් ක්‍රියාවන් තහනම් ය. මේ තහනම් ක්‍රියාවක්‌ සඳහා වැරැදිකරුවකු වන පුද්ගලයකු අවුරුදු 5ක්‌ නොඉක්‌මවන බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් දස දහසකට නො අඩු හා ලක්‌ෂයකට නො වැඩි දඩයකට සඳහා හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. තව ද එම සිදු කළ හානියට වන්දියක්‌ ලෙස අධිකරණය මගින් නියම කරන දඩමුදල ද ගෙවිය යුතු ය. තව ද, මේ වරදක්‌ සඳහා අධාර හෝ අනුබල දෙන හෝ එබදු වරදක්‌ කිරීමට ඉඩ සලස්‌වන යම් තැනැත්තකු ද වරදකරුවකු වන අතර ඔහු ද, ඉහත දඩුවම්වලට යටත් විය යුතු ය.

එවන් නීතිමය තත්ත්වයක්‌ පවතිද්දී රජයේ අමාත්‍යවරුන් දෙපළක්‌ ම මේ රක්‌ෂිතය හරහා මාර්ගයක්‌ ඉදි කිරීමට අධාර අනුබල දීම යනු නීති විරෝධී ක්‍රියාවකි. මේ හේතුවෙන් මාකන්දාව වන රක්‌ෂිතය දෙකඩ කරමින් හානිකර හා නීති විරෝධී ලෙස ඉදි කිරීමට සූදානම් වන මාර්ගය වහා ම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට කටයුතු කරන මෙන් වගකිවයුත්තන් ගෙන් අවධාරණයෙන් යුතු ව ඉල්ලා සිටිමු.

සජීව චාමිකර
පරිසර සංරක්‌ෂණ භාරය

Tuesday, August 21, 2012

දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීමේ සටන තවත් දියාරු වන හැඩ?

(උපටා ගැනීම - විදුසර විද්‍යා සගරාව 2012 අගෝස්තු 15 බදාදා) 
ජගත් පරිසර විමසුම - 136
(ධනේෂ් විසුම්පෙරුම) දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීමේ
සටන තවත් දියාරු වන හැඩ?


දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම පිළිබඳ වර්තමාන තත්ත්වය පිළිබඳව මේ තීරුව ඔස්‌සේ විමසා බැලීමට අප සිතුවේ මෑත කාලයේ දී ඒ සම්බන්ධව වාර්තා වූ ඇතැම් පුවත්වල ඇති වැදගත්කම නිසා ය. විශේෂයෙන් ලෝකයේ බරපතළ ම පාරිසරික ගැටලුව වන දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව ඇතැම් රටවල ජනතාව ගේ හා දේශපාලන නායකත්වයේ අවධානය අඩු වී ඇති තත්ත්වයක්‌ පැවතිය ද එහි වැඩි බලපෑමකට ලක්‌ විය හැකි දියුණු වන රටක්‌ ලෙස අප මේ පිළිබඳ ප්‍රවණතා ගැන අවධානය යොමු කළ යුතු වේ. ඒ ඉදිරියේ දී අපට මුහුණ දීමට සිදු වන අභියෝග පිළිබඳව වටහා ගැනීම සඳහා ය.

කාබන්ඩයොක්‌සයිඩ් විමෝචන ඉහළ මට්‌ටමක

2011 වර්ෂයේ දී ලෝකයේ කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ප්‍රමාණය පෙර වර්ෂයට සාපේක්‌ෂව 3%කින් පමණ වර්ධනය වී ඇත. මේ වර්ධනය පසුගිය දශකයේ පැවැති සාමාන්‍ය වර්ධනය වන 2.7% ප්‍රමාණය ඉක්‌මවා තිබීම වැදගත් කරුණකි. එහෙත් මෑත කාලයේ වැඩි ම ප්‍රතිශත වර්ධනයක්‌ පැවතියේ 2010 දී ය. ඒ ලෝක ආර්ථික අර්බුදයෙන් පසු නැවත යථා තත්ත්වයට පත් වන අතර දී ය.

ප්‍රමාණාත්මකව ටොන් බිලියන 34ක්‌ වන මේ කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන සඳහා දායකත්වය සපයා ඇති රටවල් හා ඒවායේ දායකත්වය මෙසේ ය. චීනය (29%), ඇමෙරිකාව (16%), යුරෝපා සංගමය (11%), ඉන්දියාව (6%), රුසියාව (5%) හා ජපානය (4%) මේ අතර ඉදිරියෙන් සිටින රටවල් වේ.

මේ අතර චීනයේ ඒක පුද්ගල කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ප්‍රමාණය (වාර්ෂික) යුරෝපයේ මට්‌ටමට ආසන්න වී තිබේ. එය 2011 වර්ෂයේ දී 9%කින් වර්ධනය වූ අතර මේ වන විට ටොන් 7.2 මට්‌ටමේ පවතී. කාර්මික රටවල සාමාන්‍යය ටොන් 6ත් 19ත් අතර පවතී. යුරෝපා සංගමයේ එය ටොන් 7.5ක්‌ පමණ වේ. එහි විශේෂත්වය වන්නේ යුරෝපා සංගමයේ මේ අගය ගිය වර්ෂයේ දී 3%කින් අඩු වී තිබීම ය. ඇමෙරිකාවේ මේ අගය ටොන් 17.3ක්‌ පමණ වේ. මේ කරුණු හෙළි කර ඇත්තේ යුරෝපා කොමිසමට අයත් ආයතනයක්‌ හා තවත් ආයතනයක්‌ එක්‌ ව පළ කර ඇති zජගත් කාබන් ඩයොක්‌සයිඩ් විමෝචන ප්‍රවණතාZ නම් වාර්ෂික වාර්තාවෙනි. (මූලාශ්‍රයTrends in global CO2 emissions,
http://edgar.jrc.ec.europa.eu/CO2REPORT2012.pdf&)

සෙල්සියස්‌ අංශක දෙකේ සීමාව කේවල් කිරීම

මේ අතර පසුගිය සතියේ ඇමෙරිකාවේ ප්‍රධාන දේශගුණ සාකච්ඡාකරු වන ටොඩ් ස්‌ටර්න් පැවසූ කරුණක්‌ සම්බන්ධව යුරෝපා සංගමය හා කුඩා දූපත් රාජ්‍ය එකමුතුව වෙතින් විරෝධය පළ වී තිබේ. ඔහු පවසන ආකාරයට මිහිතලය උණුසුම් වීම සෙල්සියස්‌ අංශක දෙකකට අඩුවෙන් පවත්වාගත යුතු ය යන පිළිගත් ඉලක්‌කය නිසා දේශගුණ සාකච්ඡා අතරමඟ නැවතීමට හේතු විය හැකි ය. මේ නිසා දේශගුණ සාකච්ඡාවල දී දැඩි මතධාරී නො වී නම්‍යශීලී විය යුතු ය යන්න ඔහු පෙන්වා දී තිබේ. එහෙත් මේ අදහස දේශගුණ වෙනස්‌ වීමට එරෙහි සටන ආරම්භ වීමට පළමුව ම අත්හැර දැමීමක්‌ සේ දක්‌වා තිබේ.

මේ ඉලක්‌කය ඇමෙරිකාවේ විරෝධයට ලක්‌ වූ පළමු අවස්‌ථාව මෙය නො වේ. මේ වන විට ලෝකය එකඟ වී ඇති උෂ්ණත්ව ඉහළ යැම සෙල්සියස්‌ අංශක දෙකේ සීමාවේ තබා ගැනීම, දේශගුණ වෙනස්‌ වීමට විසඳුමක්‌ සොයා ගැනීම පමා කිරීමේ උපක්‍රමයක්‌ සේ දැක්‌විය හැකි ය. එසේ නො වුව හොත් දේශගුණ වෙනස්‌ වීමේ බලපෑම් බරපතළ ඒවා විය හැකි බවට ඕනෑ තරම් විද්‍යාත්මක සාධක දැක්‌විය හැකි ය. 2010 දී පැවැති දේශගුණ සාකච්ඡාවල දී ලෝකය ම මේ ඉලක්‌කය පිළිබඳව තම එකඟතාව පළ කර තිබිණි. කෙසේ වෙතත් මේ ඉලක්‌කය පවා බරපතළ එකක්‌ විය හැකි බව තවත් බොහෝ අධ්‍යයනවලින් යෝජනා කර තිබේ. ඒ අනුව සරලව පවසන්නේ නම්, ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම හැකි තරම් අඩු මට්‌ටමක තබා ගත යුතු බව පැහැදිලි ය.

කෙසේ වෙතත් ඇමෙරිකාවේ මේ පිළිවෙත හමුවේ ඇතැම් පාර්ශ්ව ඇමෙරිකාවේ සහායට පැමිණිය හැකි බව අප අමතක නො කළ යුතු ය. මේ අතර වේගයෙන් කාර්මිකකරණය වන දියුණු වන රටවල් ද විය හැකි ය. එසේ වුව හොත් එය දේශගුණ සාකච්ඡාවල හරය හෙවත් වැදගත් ම ඉලක්‌කය නො සලකා හැරීමක්‌ වනු ඇත.

ලෝකයේ අභියෝගය

මේ අනුව ලෝකය ඉදිරියේ ඇති අභියෝගය කවරේ දැයි ඉතා පැහැදිලි ය. ලෝකයේ ප්‍රධානතම හරිතාගාර වායුව වන කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ඉහළ යමින් තිබේ. ලෝකයේ උෂ්ණත්වය ද ඉහළ යමින් තිබේ. එහි බලපෑම් අපට මේ වන විටත් දැකිය හැකි ය. එහෙත් මේ ගැටලුවට විසඳුම් සෙවීමට ඇතැම් රටවලට උනන්දුවක්‌ නොමැති තරම් ය. ඒ සඳහා හේතු වී ඇත්තේ ආර්ථික වර්ධනය හා සම්බන්ධ දේශපාලනික කරුණු ය. මේ නිසා මේ අර්බුදයට විසඳුම් සෙවීම දිනෙන් දින පමා වෙමින් තිබේ. ලෝකයේ ඉදිරියේ අද දවසේ ඇති අභියෝගය වන්නේ ලෝකයේ ම සහාය ලබාගත් විසඳුමක්‌ සෙවීම ය.



පරිසරයෙන් ඒජන්ට්‌ ඔරේන්ඡ් 'ඉවත් කිරීම'

දශක කිහිපයකට පෙර පැවැති වියට්‌නාම් යුද්ධයේ දී ඇමෙරිකානු හමුදා විසින් ඒජන්ට්‌ ඔරේන්ඡ් නම් කෘෂි රසායන ද්‍රව්‍යය භාවිත කිරීම ඇමෙරිකානුවන් විසින් සිදු කරන ලද මානුෂික නො වන ක්‍රියාවක්‌ ලෙස ප්‍රකට කරුණකි. ඒජන්ට්‌ ඔරේන්ඡ් යනු 2,4,5 ට්‍රයික්‌ලොරොෆීනොක්‌සිඇසිටික්‌ අම්ල හා 2,4 ඩයික්‌ලෝරොෆීනොක්‌සිඇසිටික්‌ අම්ල යන රසායනිකවල සම මිශ්‍රණයකි. ශාකවල පත්‍ර පතනය සඳහා හේතු වන මේ රසායන ද්‍රව්‍යය වියට්‌නාමයේ වනාන්තරවලට ගුවන් මගින් ඉසින ලද්දේ උතුරු වියට්‌නාමයේ සහාය ලද වියට්‌කොං ගරිල්ලා සේනා සැඟව සිටි වනාන්තර විනාශ කිරීම හා ආහාර සපයාගැනීම වැළැක්‌වීම සඳහා ය. එහෙත් අතිශයින් විෂ සහිත මේ රසායන ද්‍රව්‍යය ඉසීමෙන් විශාල පිරිසක්‌ මිය ගිය අතර ගත වූ කාලය තුළ එහි හානිකර බලපෑම්වලට විශාල පිරිසක්‌ ලක්‌ ව තිබේ. මේ අතර යුද්ධය හා කිසිදු සම්බන්ධයක්‌ නොමැති ළමයින් 150,000ක්‌ පමණ පිරිසක්‌ බරපතළ විකෘති තත්ත්ව සහිතව උපත ලබා තිබීම ඉතා කණගාටුදායක වේ.

මේ රසායන ද්‍රව්‍යයෙන් දූෂණයට ලක්‌ ව ඇති ප්‍රදේශයක්‌ පවිත්‍ර කිරීමට ඇමෙරිකානු අනුග්‍රහය ඇති ව ව්‍යාපෘතියක්‌ දියත් කර තිබේ. ඒජන්ට්‌ ඔරේන්ඡ් ගබඩා කර තැබූ දනෑංග් ප්‍රදේශයේ පිහිටි ගුවන් තොටුපළක මේ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ. රසායන ද්‍රව්‍යවලින් දූෂිතව ඇති පස්‌ යාන්ත්‍රිකව ඉවත් කර අධික උෂ්ණත්වයකට ලක්‌ කිරීමෙන් එහි ඇති ඩයොක්‌සින් විනාශ කිරීම මෙහි දී සිදු කිරීමට නියමිත ය. ඒජන්ට්‌ ඔරේන්ඡ් ගබඩා කර තැබූ හා ඒ නිසා අධික ලෙස දූෂණයට ලක්‌ වූ ස්‌ථාන ගණනාවක්‌ වියට්‌නාමයේ පවතී. 1975 වර්ෂයේ දී යුද්ධය නිමා වීමෙන් පසුව මෙවැනි පවිත්‍රකරණයක්‌ සඳහා ඇමෙරිකාව ඉදිරිපත් වී ඇත්තේ පළමු වරට ය.

මෙවැනි කාර්යයක්‌ සඳහා ඇමෙරිකාව ඉදිරිපත් වීම පසුපස දේශපාලනය ද ඇති බව සත්‍යයකි. අසල්වැසි චීනය සමඟ ඇති ගැටලු හා ඇමෙරිකාව හා වියට්‌නාමය අතර මෑත කාලයේ වර්ධනය වූ සම්බන්ධතා මීට හේතු වී ඇති බවක්‌ පෙනේ. මේ රසායන ද්‍රව්‍යයට නිරාවරණය වීමෙන් බලපෑමට පත් ඇමෙරිකානු සෙබළුන්ට වන්දි ලබා දී ඇති ඇමෙරිකාව, විපතට පත් වියට්‌නාම වැසියන්ට වන්දි ලබා දීමට තවමත් ඉදිරිපත් නො වීම මීට සාධකයකි. වන්දි ඉල්ලා වියට්‌නාම වැසියන් ගොනු කළ නඩුවක්‌ වසර කිහිපයකට පෙර නිශ්ප්‍රභ කරන ලදි. එහෙත් වන්දි ඉල්ලා සිදු කරනු ලබන ව්‍යාපාරය අඩාළ නො වනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබේ.


පුවත් සැකෙවින්


පාරජම්බුල කිරණ නිසා සාගර ජීවීන්ට බලපෑම්


සාගරයේ වෙසෙන ජීවීන් ගේ මරණ ප්‍රමාණය ඉහළ යැම සඳහා පාරජම්බුල කිරණ වර්ගයක්‌ (UVB) හේතු වන බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. මුහුදේ වෙසෙන ඇතැම් සත්ත්ව විශේෂ මෙන්ම ශාක විශේෂවල මරණ කැපී පෙනෙන ආකාරයෙන් ඉහළ යා හැකි ය. ඉන් වැඩි ම බලපෑමකට ලක්‌ වන්නේ ප්‍රොටිස්‌ටාවන්, ඇල්ගී, කොරල් හා ක්‍රස්‌ටේසියානුවන් ය. එසේ ම මසුන් ගේ බිත්තර හා මුල් අවස්‌ථාව ද මේ කිරණවල බලපෑමට ලක්‌ වීමට ඉඩ තිබේ.

මින් ඉහත දී සිදු කරන ලද අධ්‍යයන විමර්ශනය කිරීමෙන් හෙළි ව ඇති පරිදි මේ කාණ්‌ඩවල ජීවීන් ගේ ප්‍රමාණයේ අඩු වීම හා මේ කිරණ ඉහළ යැම සමගාමී වීම වේ. ඒ අනුව මෑත කාලයේ දී වාර්තා වී ඇති සාගර ජීවීන් ගේ අඩු වීමට බලපාන හේතුවක්‌ ලෙස මෙය ද නම් කළ හැකි බව පෙන්වා දී තිබේ. ම මේ තත්ත්වය සාගර සමස්‌ත ආහාර ජාලයට ම බලපෑම් ඇති කරයි. නිදසුනක්‌ ලෙස ඉහත කී කාණ්‌ඩවල ජීවීන් ගේ අඩු වීම ඒ මත යෑපෙන සත්ත්ව විශේෂවල ගහනය අඩුවීමට ද හේතු විය හැකි ය. නිදසුනක්‌ ලෙස ඇල්ගා ජීවීන් සාගරයේ ප්‍රධාන ම ප්‍රාථමික නිෂ්පාදකයන් ය. පාරජම්බුල කිරණවලින් සාගර ජීවීන්ට සිදු විය හැකි බලපෑම් පිළිබඳව මෙවැනි අධ්‍යයන මෙතෙක්‌ කලක්‌ සිදු කර නො තිබිණි. (මූලාශ්‍රයGlobal Ecology andBiogeography, DOI: 10.1111/j.1466-8238.2012.00784.x&)


කුඩා සුළං ටර්බයින වවුලන්ට බලපායි

කුඩා සුළං ටර්බයින නිසා වවුලන් ගේ ගහනවල ප්‍රමාණය අඩකින් පමණ අඩු විය හැකි බව බ්‍රිතාන්‍යයේ සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. එවැනි ස්‌ථාන විස්‌සක්‌ පමණ ප්‍රමාණයක සිදු කර ඇති මේ අධ්‍යයනයෙන් පෙනී ගොස්‌ ඇති පරිදි වවුල් ගහනය 54% දක්‌වා වූ ප්‍රමාණවලින් අඩු වීමට එය බලපෑ හැකි ය. එහෙත් පක්‌ෂි ගහනවලට ඉන් බලපෑමක්‌ වී නොමැත.

පරිසර හිතකාමී බලශක්‌ති ප්‍රභවයක්‌ ලෙස සුළං බලයෙන් විදුලිය නිපදවීමට බ්‍රිතාන්‍යයේ ලබා දෙන සහන ව්‍යාපෘති නිසා ගොවිපොළ හා ගෘහාශ්‍රිතව මෙවැනි ටර්බයින බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. එහෙත් වනජීවීන්ට හානියක්‌ නො වී පිරිසිදු බලශක්‌තිය ද ලබා ගැනීමට නම්, වවුල් වාසස්‌ථානවල සිට මීටර් 20ක දුරක්‌ ඇතුළත කුඩා සුළං ටර්බයින ස්‌ථාපිත නො කළ යුතු බව මේ පර්යේෂකයන් ගේ අදහසයි. ඒ අනුව මේවා ස්‌ථාපනය කිරීම පිළිබඳව සැලකිලිමත් විය යුතු බව පැහැදිලි ය. (මූලාශ්‍රයPLoS ONE, DOI:10.1371/journal.pone.0041177)


වැඩි ම පරිසර දූෂණයකින් යුත් ස්‌ථාන

නිව්යෝර්ක්‌ නගරය පාදක කරගත් රාජ්‍ය නො වන සංවිධානයක්‌ මඟින් ලෝකයේ වඩාත් දූෂණයට ලක්‌ ව ඇති ස්‌ථාන දහයක්‌ නම් කර තිබේ. මේ ලේඛනයකට අනුව ඉන් මුල් දහය අතරට වැටෙන ස්‌ථාන තුනක්‌ ඉන්දියාවේ ද, දෙකක්‌ චීනයේ ද පිහිටා ඇත.

මේ ස්‌ථාන අතරින් සමහරක්‌ ලෝකයේ බරපතළ දූෂණයක්‌ පැවැති ස්‌ථාන වේ. නිදසුනක්‌ ලෙස බෝපාල් හා චර්නොබිල් දැක්‌විය හැකි ය.

උක්‌ත ආයතනය මෙවැනි ස්‌ථාන පිළිබඳව කරුණු සොයා බලන අතර, ලෝකයේ ඇති මෙවැනි ස්‌ථානවල පවත්නා පරිසර දූෂණය නිසා බලපෑමට ලක්‌ ව ඇති පිරිස ඉතා විශාල ය.

වියට්‌නාම වැසියන් ගේ විමුක්‌ති අරගලය ඒජන්ට්‌ ඔරේන්ඡ් මඟින් නවතාලිය නොහැකි වූ බව මෙහි දී සිහිපත් කළ යුතු ම ය. එය නිමා වූයේ ඇමෙරිකාව හා එහි සහාය ලැබූ දකුණු වියට්‌නාම රජය පරදා ලද ජයග්‍රහණයෙනි. (source VIDUSARA Science Magazine Sri Lanka )